Find a teacher

තායිවානයේ දී ප්‍රයෝජනවත් විය හැකි භාෂා

English: Image taken by author of a sign on a ...

කුමන භාෂාවක් ඉගෙන ගැනීමටදැයි තීරණය කරන්නේ කෙසේ ද? රැකියා අවශ්‍යතා, අධ්‍යාපනය, විවිධ අන්තර් පුද්ගල සබඳතා ආදී ඔබේ අවශ්‍යතාව අනුව පිළිතුර වෙනස් විය හැකි ය.

මා ගැන බිඳක්...

ලැට්වියානු, රුසියානු, පෘතුගීසී ආදී භාෂා හැදෑරීමෙන් අනතුරුව මම ස්පාඤ්ඤ බස හැදෑරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලීමට තීරණය කළෙමි. අර මුලින් සඳහන් කළ භාෂා හැදෑරීමෙන් ලද පරිචය, ස්පාඤ්ඤ ඉගැනීමේ දී ඇතැම් යෙදුම් හා වාක්‍ය රටා හඳුනා ගැනීමට පිටිවහලක් විය.

උපාධි අධ්‍යයන කටයුතු සඳහාත් චීන බස උගෙනීම සඳහාත් මා තායිවානයට පැමිණියේ 2008 දී ය.

තායිවානයේ භාෂා

ආදිවාසී භාෂා,  චීන බස හැරුණු කල තායිවාන් බස හා හක්කා බස තායිවානයට උරුම භාෂාවෝ වෙති. තයිවාන් හා හක්කා බස ද බහුලව වැහැරෙතැයි කිව හැකි ය. උදාහරණයක් වශයෙන් දුම් රිය නිවේදනයක් චීන, තයිවාන, හක්කා සහ ඉංගිරිසි යන භාෂා සතරෙන් ම නිවේදනය වේ.

මෙම භාෂාවලට අමතරව බහුලව ව්‍යවහාර වෙන විදේශීය භාෂා කීපයක් ද ඇති අතර තයිවානයේ ගත කරන කාලය තුළ එම භාෂාවක් ඉගෙනීමට ද අවකාශ ඇත.

චීන, තයිවානයේ නිල භාෂාව වන අතර ඉංගිරිසි ලොව පුරා ජනප්‍රිය බව කවුරුත් දන්නා දෙයකි. එනිසා ඉංගිරිසි හෝ චීන, මවු බස නොවන අයෙකුට උචිත යයි මා නම් යෝජනා කරන්නේ එම භාෂා දෙකෙන් එකකි.

තායිවානයේ බහුලව ව්‍යවහාර වෙන විදේශීය භාෂා
1. ඉන්දුනීසියනු
2.ටැගලොග්
3.වියෙට්නාම්
4.තායි
5.බුරුම

ඉන්දුනීසියාව, පිලිපීනය, වියෙට්නාමය සහ තායිලන්තයෙන් බොහෝ පිරිස් රක්‍ෂා සොයා ගෙන තායිවානයට එති. ඔවුන් ගේ ශ්‍රම දායකත්වය තායිවානයේ භෞතික හා ආර්ථික දියුණුවට පිටිවහලක් වී ඇත.

බොහෝ තායිවාන නගරවල,  අග්නිදිග ආසියනුවන්ට වෙන් වූ කලාප දැක ගත හැකි ය. එහි දී ඔබට ඉන්දුනීසියානු, ටැගලොග්, වියෙට්නාම් සහ තායි භාෂකයන් බහුලව දැක ගත හැකි ය.

තායිපේ නගරයේ බුරුම ජාතිකයන් සඳහා වෙන් වූ කලාපයක් මම දනිමි.

එමෙන් ම අග්නිදිග ආසියානු රටවලින් පැමිණෙන සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් ද තායිවානය තුළ සිටිති. එමනිසා එම භාෂා අධ්‍යයනයට සුවදායක පරිසයක් තායිවානය තුළ පවතී.

අග්නිදිග ආසියානුවෝ තායිවාන ජන සමාජයත් සංස්කෘතියත් පෝෂණය කරති. මෙනයින් තායිවානය විවිධත්වයෙන් අනූන ජන සමාජයක් බවට පත්ව ඇත.
ඉතින්, ඔබේ කැමැත්ත කුමන භාෂාව ඉගෙන ගැනීමට ද?


Email: dheymaal@yahoo.com
Hello! I’m Dinesh Heymaal. I’m from Sri Lanka (formerly Ceylon). My mother tongue is Sinhalese. I use Esperanto as my international language. I also use English for my academic purposes. I’m interested in comparative studies of Indian languages. 

ආයුබෝවන්! මම දිනේෂ් හේමාල්. ඉන්දියානු භාෂා සමඟ සිංහල බස සන්සන්දනාත්මකව හැදෑරීමට මා ප්‍රියතාවක් දක්වනවා. එමෙන් ම දෙමළ සහ තෙළිඟු යන බාසා ඉගෙන ගැනීමටත් මගේ උනන්දුවක් තියෙනවා. අන්තර්ජාතික භාෂාව වශයෙන් එස්පෙරාන්තෝ භාවිතා කිරීමට මා වඩාත් කැමතියි.

Reference
5 Foreign Languages To Learn In Taiwan

Photo credit
Image1

Random posts

  • Secret Message (frperg zrffntr)29.04.2013 - Comments Disabled
  • Hardest Languages to Learn28.06.2012 - Comments Disabled
  • 6 Local Writing Systems in Indonesia06.03.2022 - 0 Comments
  • Learning Indonesian – A Native English Speaker's Perspective29.07.2014 - Comments Disabled
  • 5 Language Learning Tips I Shared Today20.12.2015 - Comments Disabled
  • Think in Italian22.10.2022 - 0 Comments
  • Book Collection09.01.2011 - Comments Disabled
  • 5 Funny Words In Afrikaans From My Perspective15.09.2014 - Comments Disabled
  • My sign language experience01.01.2022 - 0 Comments
  • Guest Post: Learn Chinese Language Online, Fast and Free (The Ultimate Guide) Part 410.02.2016 - Comments Disabled

Videos

Contact Form

Name

Email *

Message *